මමත් නෝනත් දැන් ඇමෙරිකාවෙ ආචාර්ය උපාධි කරන්න ඇවිත් අවුරුදු 6කට වැඩියි. (ඒ අත්දැකීම් ගැන වෙනම සටහන් සිය ගණනක් තියන්න පුළුවන් නිසා ඒක ගැන මේ සටහනේ කතා නොකර ඉන්න හිතුවා..) කොහොමහරි නොවිඳිනා දුක් විඳලා උපාධියෙ වැඩ ඉවර කරල වසර කීපයක් රස්සාවක් කරල ආපහු අපේ රටට යන එක තමා මුල ඉඳලම අපේ ප්ලෑන් එක උනේ. මෙන්න මේ ප්ලෑන් එකම තමා අද සටහනට මූලබීජය සපයන්නෙත්.
අපේ මේ ප්ලෑන් එක ගොඩක් අයට ප්‍රහේලිකාවක්.
"ලංකාවට ගිහින් මක් කරන්නද?"
"අපි නම් මේ ලංකාවෙන් පැනගන්නෙ කොහොමද කියල ඉන්නෙ. මෙයාලට තේරෙන්නෙ නෑ ඇමෙරිකාව වගේ රටකට යන්න පුළුවන් එකේ වටිනාකම"
මේ ප්ලෑන් එක මානුෂිය විදියට තේරුම් ගන්න අය හමු වෙලා තියෙන්න එක අතක ඇඟිලි ගාණටත් වඩා අඩුවෙන්. ඉතින් ඒ වගේ උඩුගම් බලා පීනනව වගේ තීරණයක් ගන්න මිනිස්සු පිස්සො කියල තමා සමාජෙ ගොඩක් මිනිස්සු හිතන්නෙ..
ඒත් එහෙමයි කියල අපි තීරණ ගන්න විදිය, අපි ජීවත් වෙන විදිය වෙනස් කරන්න ඕනෙද? හැමෝම එකම ටෙම්ප්ලේට් එකකට ජීවත් වෙන්න ඕනෙද? අපි අපේ ජීවිතේ ගත කරන්නෙ නැතුව වෙන කෙනෙක්ගෙ ජීවිතේ ජීවත් වෙන්න ඕනෙද? අපි කරන හැමදේටම අනිත් අයගෙ අනුමැතිය ඕනෙද?
මේ ඔක්කොම මැද්දෙ අර තාත්තයි, පුතයි, බූරුවයි ඉන්න නසෘදීන්ගෙ කතාවත් මතක් වෙනවා (අහල නැත්තම් මෙන්න ලින්ක් එක ). ඒ කතාවෙ හරය අපි මොනව කරත් ඒකට කතා කියන්න මිනිස්සු ඉන්නවා කියන එක. ඒවට බයෙන් තමන්ගෙ හිතට එකඟ නොවන විදියට ජීවත් වෙලා මොකටද?
මිනිස්සු කියන දේවල් ගණන් නොගෙන ස්වාධීනව ජීවත් වෙන එක අමාරුයි තමා. ඒත් ඒක ජීවිතේ ඉස්සරහට සතුටින් ඉන්න පුරුදු කරගන්න ඕනෙ ගුණාංගයක් කියල තමා අප්පුට හිතෙන්නෙ. අප්පුගෙ නෝනා ඒ අතින් අප්පුට වඩා ඉස්සරහින් ඉන්නව කියල හිතුණම අප්පුට එන්නෙ පුදුම ආඩම්බරයක්...
අප්පුට හිතෙන හැටි...
Wednesday, January 29, 2020
Monday, July 28, 2014
ගාසා තීරයෙන් ඔබ්බට යායුතු මනුස්සකම...
මේ දිනවල ගාසා තීරයේ දරුණු සටන්ය.. එයට ප්‍රතිචාර ලෙස මාගේ සමහර මුස්ලිම් මිතුරන් ෆේස්බුක්, ට්විටර් ඔස්සේ ඊශ්‍රායලයේ ක්‍රියාවන් හෙළා දකිති.. ඒ අස්සේ ISIS නම් ආගමික ත්‍රස්ථරින් ඉරානයේ සහ ඉරාකයේ අහින්සක මිනිසුන් අමු අමුවේ මරා දමති.. තමන්ගේ ආගමට එකතු නොවන්නන් ඝාතනය කරති.. මාගේ මිතුරන් මේ ක්‍රියා අභියස මුනිවත රකිති... ඉරාකයේ මරා දැමෙන කිතුණුවන්ද ගාසා තීරයේ මරා දැමෙන මුස්ලිම් වරුන්ද, හමාස් මිසයිල වලින් මිය යන යුදෙව්වන්ද මිනිසුන්ය.. අහිංසක මිනිසුන්ය.. එහෙත් අපිට අපේ වර්ගේ එකෙක් මැරෙද්දී විතරක් වේදනාය... අපි තාමත් ගෝත්‍රවාදීය.. 21වන ශතවර්ශයේ දියුණුව තාක්ෂණයෙන් පමණි.. අපෙ ආකල්ප අදහස් තාමත් ගල් යුගයේය..
මනුස්සකම ගාසා තීරයෙන් ඔබ්බට යා යුතුය...
(ප.ලි. : මා මුස්ලිම්වරුන් ගත්තේ උදාහරණයක් ලෙස පමණි.. මම බලසේනා අනුගාමිකයෙක් නොවෙමි..)

ජැකොලින්ගේ දෙසීයේ ආප්ප සහ නිකන් ආප්ප
මේ දවස්වල අපේ උන්ට තියෙන ලොකුම ගැටලුව ජැකොලින්ගේ කඩේ කැම වල ගණන්ය... එහි ආප්පයක් රුපියල් දෙසීයක් වෙයි.. බණ්ඩක්කා දීසියක් රුපියල් හයසිය ගණනක් වෙයි... මේවා දැක්කම අපේ උන්ට නිකන් ඉන්නටම බැරිය... මේ බිත්තර ආප්ප වලට දාන්නේ ජකොලින්ගේ රත්තරං බිජු දමන කිකිලියගෙන් ගත් බිත්තරදැයි එකෙක් අසයි.. තවකෙකුගේ අදහස නම් ආප්ප දමන්නේ(ආප්ප බාස් වැඩේ කරන්නේ) ජැකොලින් බවයි... ඔය බණ්ඩක්කා වැවෙන්නේ හඳේදැයි තවත් ඩයල් එකක් අසයි... හැමෝටම හෙන ප්‍රශ්නය..
මට තිබෙන ප්‍රශ්නය නම් අස්ප ගණන් වලට ලංකාවේ කෑම විකුණන්නට පටන් ගත්තේද අද ඊයේ නොවේය... ජැකොලින් අක්කා කරන්නේ ගමේ සමුපකාර කඩේද නොවේය... අපි හැමෝම එතැනට ගොස් ආප්ප කෑම අනිවාර්ය කොට නැත.. නිදහස් මාවත දිගේ පේමන්ට් එකේ 154ක නගින්නට යද්දී ජැකොලින් අක්කා නිදහස් චතුරශ්‍රයේ කණුවකට මුවා වී සිට අපිව බලෙන් ඇදන් ගොස් බණ්ඩක්කා කරිය කවන්නේද නැත... අපේ මාසේ පඩියෙන් EPF, ETF වගේ කෑල්ලක් අඩු කරන්නේද නැත... එත් අපිට හෙන ප්‍රශ්නෙය...
අපේ ආදායමට හරියන්නට කන්නට තැන් ලංකාවේ එමට ඇත... රුපියල් 15කට ප්ලේන් ආප්පත්, රුපියල් 35කට පමණ සාමාන්යය කිකිළියකුගේ බිත්තරකින් සාදන ලද ආප්පක්ද කෑමට හැකි කඩ ඕනෑ තරම්ය... එත් ලංකාවේ හැමෝම අපි වගේ නැත.. අපිට වඩා මිල මුදල් හිඟ ඇත්තන් සේම අපිට වඩා යහමින් මිල මුදල් ඇති අය ඕනෑ තරම්ය.. ඒක ලෝකේ කොහෙත් හැටිය.. රජ කාලේ ඉඳන් එහෙමය.. ඉතින් අතේ මිටේ මුදල් ඇති උන්ට ජැකොලින්ගේ කඩෙන් ආප්ප කා ගෙදර ඉන්න බල්ලාටත් ආප්ප දෙක තුනක් wrap කරගෙන යා හැකිය... උන්ට එසේ කිරීමට මුදල් ඇත.. එය උන් කෙසේ හෝ උපයාගත් හෝ මාපිය උරුමෙන් ලැබුණ වත්කමය.. ජැකොලින් ආප්ප හදන්නේ මේ සමාජ පැලැන්තියටය.. අවුරුද්දකට සැරයක් ලංකාවට එන සුදු නෝනවරු මහත්වරුන්ටය.. උන් ආප්පකට 200ක් නොව 2000ක් දෙන්නට කැමති නම්, ඉතින් අපිට කමක් නැත. මන්ද යත් හන්දියේ night කඩෙන් අපිට රුපියල් 15කට පරණ පුරුදු ආප්පේ කෑමට පුළුවන් බැවිනි.. ජැකොලින් කර ඇත්තේ හොඳ business opportunity එකක් ප්‍රයෝජනයට ගැනීමය.. 200ක් දී ආප්ප කන එකෙක්ට ඕනේ නම් එතෙන්ට ගොස් ආප්ප කෑමට හැකිය. බැරි නම් පරණ පුරුදු කඩෙන් අඩුවට කෑ හැකිය..
අපි සමාජයක් ලෙස කුහකය.. දුප්පත් එකා සල්ලි තියෙන එකා හොඳට කන හැටි බලා හූල්ලයි.. අපිට කන්නට බැරිනම් අනිත් උනුත් නොකා සිටිය යුතුයැයි සිතති... එහෙම නැතුව දැහැමින් වැඩිපුර කීයක්හරි උපයාගන්න පොටක් කල්පනා නොකරති.. එසේ කළත්, ඒ සුළුතරයකි... සල්ලි තියෙන එකා දුප්පත් එකාට ගරහති.. පුළුවන් තරම් කෙනෙහිලි කම් කරති.. හැමදාම ඌ දුප්පතෙක් කර තැබීමට වෙර දරති..
යම් කිසි උගත්කමත් ඇති උන් ලෙස අපි මේවා දිහා මීට වඩා සාධාරණව බැලිය යුතුය.. අපිට කන්නට බැරිනම් ඒවා කන්න පුළුවන් එකෙක් කාපුදෙන්ය.. අපිත් කවදාහරි එවා කන්න පුළුවන් ගානට දියුණු වෙන්න උත්සාහ කළ යුතුය.. ජැකොලින්ගේ කඩේ ආප්ප දමන්නේත්, වළන් පිඟන් හෝදන්නේ සුපිරි පැලන්තියේ උන් නොවේ.. එදා වේල හම්බු කරන් කන දුප්පත් පන්තියේ උන්ය.. රස්සාවක් හොයාගෙන පිටිසර පළාත් වලින් කොළඹට ආපු උන්ය.. කෑම ගණන් උනත් ජැකොලින්ගේ කඩේ නිසා උන්ට රස්සාවක් ලැබී ඇත.. හොරෙක් මංකොල්ලකාරයෙක් නොවී ජීවත් වෙන්න පුළුවන් වී ඇත.. ජැකොලින් අක්කාත් කුඩු බිස්නස් එකක්, හොරට කැලෑ කපන බිස්නස් එකක් නොකර දුප්පත් උන් දෙතුන් දෙනෙක්ට රස්සාවල් දෙන වැඩක් පටන් අරන් ඇත.. ඒක නිසා ඒ කඩේ ආප්ප අපිට කෑමට බැරි වීම ගැන අපි දුක් නොවිය යුතුය... ඒ කඩෙන් 200ක් දී ආප්ප කන උන් නිසා ඒ කඩේ වැඩ කරන අපේ පන්තියේ උන්ට දැන් හන්දියේ කඩෙන් ආප්පයක් කා ගෙදර උන්ටත් ඔතාගෙන කොන්ද කෙලින් තියන් ගෙදර යා හැකිය...

Subscribe to:
Posts (Atom)