Monday, July 28, 2014

ගාසා තීරයෙන් ඔබ්බට යායුතු මනුස්සකම...

මේ දිනවල ගාසා තීරයේ දරුණු සටන්ය.. එයට ප්‍රතිචාර ලෙස මාගේ සමහර මුස්ලිම් මිතුරන් ෆේස්බුක්, ට්විටර් ඔස්සේ ඊශ්‍රායලයේ ක්‍රියාවන් හෙළා දකිති..  ඒ අස්සේ ISIS නම් ආගමික ත්‍රස්ථරින් ඉරානයේ සහ ඉරාකයේ අහින්සක මිනිසුන් අමු අමුවේ මරා දමති.. තමන්ගේ ආගමට එකතු නොවන්නන් ඝාතනය කරති.. මාගේ මිතුරන් මේ ක්‍රියා අභියස මුනිවත රකිති... ඉරාකයේ මරා දැමෙන කිතුණුවන්ද ගාසා තීරයේ මරා දැමෙන මුස්ලිම් වරුන්ද, හමාස් මිසයිල වලින් මිය යන යුදෙව්වන්ද මිනිසුන්ය.. අහිංසක මිනිසුන්ය.. එහෙත් අපිට අපේ වර්ගේ එකෙක් මැරෙද්දී විතරක් වේදනාය... අපි තාමත් ගෝත්‍රවාදීය.. 21වන ශතවර්ශයේ දියුණුව තාක්ෂණයෙන් පමණි.. අපෙ ආකල්ප අදහස් තාමත් ගල් යුගයේය..


මනුස්සකම ගාසා තීරයෙන් ඔබ්බට යා යුතුය...

(ප.ලි. : මා මුස්ලිම්වරුන් ගත්තේ උදාහරණයක් ලෙස පමණි.. මම බලසේනා අනුගාමිකයෙක් නොවෙමි..)

1 comment:

  1. අනිවාර්යෙන්ම...ගාසාවල human shield එකක් හැටියට මිනිස්සු භාවිතා කරන බව ඔය කෑගහන කට්ටිය පිළිගන්නේ නෑ..දන්නෙත් නෑ වැඩකුත් නෑ වගෙයි ඉන්නේ..හැබැයි යුදෙව්වන් ක්‍රිස්තියානි මිනිසුන් සහ බෞද්ධයන් අමුඅමුවේ මරද්දි ඒක අල්ලාගේ කැමැත්ත..ගෝත්‍රික ගතිය මනුස්සකම ඉක්මවා ගිහින් නෙවෙයිද ඉතිං?
    මේවා මෙහෙම කිව්වම කට්ටිය හිතන්නේ අපි ජාතිවාදී ආගම්වාදී සහ මොනාහරි සංවිධානයකට අයිතියි කියලා...

    මේකට following gadget එකක් එල්ලගන්න...එතකොට කට්ටියට follow පාරක් දාන්න පුළුවනි..ඒ එක්කම සින්ඩි එකකට ඇඩ් කරොත් තවත් හොඳයි..බලන්න මාතලන්ට ඊයක් විදලා http://maathalangesindiya.blogspot.com/p/contact.html

    ReplyDelete